මාස හයක් බැරි වුණු පස්සර කළුගල්, මාරයා දවස් හයෙන් ඉවත් කළ නෝන්ජල් මෙහෙයුම (PHOTOS)

අස්සයා ගිය පසු ඉස්තාලය වසා දමා පලක් නැත.මෙයත් එවැනිම කතාවකි.
ජීවිත 15ක් අහිමි කරමින් පස්සර 13 කණුව බස් අනතුර සිදු වීමට තුඩු දුන් මාර්ගයට හය මසකට ඉහතදී වැටි තිබූ කළුගල් පර්වතය දින 6කින් ඉවත් කිරීමට කටයුතු කෙරුණා.
අද පෙරවරුව වන විට මෙම ඉවත් කිරීම සම්පුර්ණයෙන් අවසන්ව තිබුණා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම ඉවත් කිරීම සිදු කළා.
එසේම මාර්ගයට කඩා වැටුණු මෙම කළුගල් හේතුවෙන් මෙම බස් අනතුර සිදු වූ අතර පසුව් මාර්ග සංවර්ධන අධිකාරියටද චෝදනා එල්ල වුණා.
කොන්ත්‍රාත් සමාගම් දෙකක කඹ ඇඳිල්ලක් නිසා මෙම මාස හයක කාලයක් මෙම ඉවත් කිරීම ප්‍රමාද වූ බව පසුව අනාවරණය වුණා.
මෙම ගල් පර්වතය නිසා අනතුර සිදු වූ දින ටිපර් රථයට ඉඩ දීම නිසා වේගයෙන් ආ බස් රථය මිනිස් ජීවිත 32ක් සමඟ ප්‍රපාතයට පෙරළුණා.
ඉන් 15 දෙනෙකු මේවන විටත් අවසන් ගමන් ගිහිං හමාරයි ඔවුන්ගේ හත් දවසේ දානෙට කලින් මේ කළුගල් පර්වතය ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා.
නමුත් මෙය ප්‍රමාද නොකොට කළානම් ඔවුන් අද ඔවුන්ගේ ආදරණීයන් එක්ක ජීවත් වෙනවා
1475 Views
Comments