බියගමින් පැහැර ගත් දරුවා නවගමුවේ කාමරයකින් හමුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
27

බියගමින් පැහැර ගත් දරුවා නවගමුවේ කාමරයකින් හමුවේ

බියගමින් පැහැර ගත් දරුවා නවගමුවේ කාමරයකින් හමුවේ

බියගම පේරගස් හන්දිය ප්‍රදේශයේ නිවසක සිටියදී පැහැරගත් 10 හැවිරිදි පිරිමි දරුවා පොලීසිය විසින් ඊයේ(26) සොයා ගත්තේ නවගමුව ප්‍රදේශයේ නේවාසිකාගාර කාමරයක රඳවාගෙන සිටිය දී ය.

 

පොලිසිය පැමිණෙන විට පැහැරගත් පුද්ගලයාද එම කාමරයේ සිට ඇති අතර පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

 

බියගම නිදහස් වෙළෙඳ කලාපයේ රැකියාව කරන මව අප්‍රේල් 25 දින රැකියාවකට ගොස් නැවත නිවසට එනවිට තම දරුවා නිවසේ නොසිටීම හේතුවෙන් ඇය විසින් බියගම පොලිසියට මේ පිළිබඳ පැමිණිල්ලක් කර තිබුණි.

 

වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම නිවස අසල කාමරයක නැවතී සිටි සැකකටයුතු පුද්ගලයෙකු පිළිබඳව අසල පොලිස් ස්ථානවලටද දැනුම් දී ඇත.

 

මේ සමඟම 119 පොලිස් හදිසි දුරකථන අංකයට නවගමුව ප්‍රදේශයේ කාමරයක කුඩා දරුවෙකු බලහත්කාරයෙන් රඳවා සිටින බවට ලැබුණු තොරතුරට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්.

 

සැකකරු විසින් මෙම දරුවාට ලිංගික අතවර කර ඇති බව ද බවද අනාවරණය වී ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි විවාහක 48 හැවිරිදි පුද්ගලයෙකි.

 

මේ වන විට දරුවාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

540 Views

Comments

arrow-up