කටුනායක – පුත්තලම අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
12

කටුනායක – පුත්තලම අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

කටුනායක – පුත්තලම අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ හා මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් කටුනායක – පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර තිබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ.ඩී.ජී සෙනෙවිරත්න මහතා පැවසුවේ.

 

ඒ අනුව ඊයේ (11) පෙ.ව 8 සිට මාර්තු 14 වන දා ප.ව 8.30 දක්වා ඉහත දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වසා තැබෙනු ඇති. එම කාලසීමාව තුළ කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොකරන බැවින් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සිදුකරනු ලබන්නේ කොළඹ කොටුව සහ කටුනායක අතර පමණයි.

 

මාර්තු 14 වන දා ප.ව 8.30 න් පසුව සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවා.

views

803 Views

Comments

arrow-up