රිෂාඩ්ගේ සහෝදරයා රියාජ් මුදා හරී

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණවලට අදාලව අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බාල සොහොයුරු රියාජ් බදියුදීන් මහතා මුදාහැර තිබෙනවා.
ඊයේ සවස රියාජ් බදියුදීන් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයෙන් නිදහස් කළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරන්නේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාල විමර්ශණ යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතාගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් මහතා පුත්තලමේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අප්‍රේල් මස 14 වනදායි.
641 Views
Comments