මාළු අමුවෙන් කෑවොත් රෝග ගණනාවක් හැදෙනවා - වෛද්‍ය පාදෙණිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

මාළු අමුවෙන් කෑවොත් රෝග ගණනාවක් හැදෙනවා - වෛද්‍ය පාදෙණිය

මාළු අමුවෙන් කෑවොත් රෝග ගණනාවක් හැදෙනවා - වෛද්‍ය පාදෙණිය

මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

 

මාළුන්ගේ සම තුල බැක්ටීරියාවන් වර්ග සහ ක්‍ෂුද‍්‍ර ජීවී වර්ග විශාල ප්‍රමාණයක් සිටිය හැකියි.

 

මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් ආහාර ජීරණ පද්ධතියට දැඩි ලෙස හානි කල හැකි බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පෙන්වා දෙනවා.

 

මනුෂ්‍ය ශරීරයට අහිතකර විවිධ බැක්ටීරියා සහ වෛරස් වර්ග සිටින බවද විශේෂඥ වෛද්‍ය සදහන් කළා.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අමුවෙන් මාළු ආහාරයට ගැනීම පෙන්වීම දරු පරපුරට නරක පූර්වාදර්ශයක් සැපයීමක් බවයි වෛද්‍යවරයා කියා සිටින්නේ.

 

ඒ නිසා අනිවාර්යෙන්ම මාළු හොඳින් සෝදා පිරිසිදු කර හොදින් පිසගෙන ආහාරයට ගැනීම කළ යුතු වනවා.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු ආහාරයට ගැනීම ගැන අද මාධ්‍ය විසින් කල විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා මේ බව කියා සිටියා.

 

 

views

710 Views

Comments

arrow-up