බොලිවුඩ් පුරය කොරෝනාවෙන් කැළඹෙයි – අයිශ්වර්යා හදිසියේම රෝහල්ගත කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
19

බොලිවුඩ් පුරය කොරෝනාවෙන් කැළඹෙයි – අයිශ්වර්යා හදිසියේම රෝහල්ගත කරයි

බොලිවුඩ් පුරය කොරෝනාවෙන් කැළඹෙයි – අයිශ්වර්යා හදිසියේම රෝහල්ගත කරයි

කොවිඩ් 19 ආසාදනය වීම නිසා මුම්බායි නුවර ජල්සා මැදුරේ ස්වයං නිරෝධායනයට ලක්වී සිටි සුපිරි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි බච්චන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායි – නැණවතී රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

 

46 හැවිරිදි අයිශ්වර්යා මාමණ්ඩිය වන 77 හැවිරිදි අමිතාබ් බච්චන් සහ සැමියා වන අභිෂේක් බච්චන් ද කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන්නේ එම රෝහලේයි.

 

වෛසරය ආසාදනය වීමෙන් පසු අයිශ්වර්යා සහ ආසාදිත ඔවුන්ගේ 08 හැවිරිදි දියණිය ආරධ්‍යා මුම්බායි නුවර පිහිටි බච්චන් මැදුරු 5න් එකක් වන ජල්සා මන්දිරයේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටියා.

 

කෙසේ නමුත්, අයිශ්වර්යාගේ නැන්දණිය, ඡයා බච්චන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නැහැ.

 

මේ අතර, බච්චන් පවුල හැරුණු කොට කොරෝනා වෛරසය හේතුවෙන් බොලිවුඩ් පුරයේ සුපිරි නළු නිළියන් රැසක් දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තා වනවා.

 

අමීර් ඛාන්, කරන් ජොහාර්, බොනී කපූර් සහ ෂාර්දා කපූර් ඔවුන්ගේ කාර්ය මණ්ඩලවලට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රකාශයට පත් කළ අතර, සුපිරි නිළි රේඛාගේ නිවසට මුද්‍රා තැබීමට මුම්බායි බලධාරීන් කටයුතු කළේ ඇගේ ආරක්ෂකයන්ට වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

 

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේදී ද 35,000කින් පමණ ඉහළ ගිය අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව දස ලක්ෂ 40,000 ඉක්මවනවා.

 

ඉන්දියාවේ කොරෝන මරණ සංඛ්‍යාව 26,285ක්.

 

views

1245 Views

Comments

arrow-up