කෑගල්ලේ කොරෝනා පැණියට ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය

කෑගල්ල ධනපාල මහතා විසින් නිෂ්පාදනය කළ කොවිඩ් පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලබාදී ඇති බව කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
"මේ සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකිරීමට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිස කටයුතු කරනවා.
ඒ යටතේ දී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් මෙම ඖෂධය අනුමත කරලා තියෙනවා.
එම ඖෂධය සූත්‍ර කමිටුව විසින් අනුමත කිරීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය ආචාරධර්ම කමිටුවකින් මේක අනුමත කිරීමට අවශ්‍යයි.
එම ආචාරධර්ම කමිටුවට මෙම පරීක්ෂණය පිළිබඳ තොරතුරු හෙට ඉදිරිපත් කරනවා.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාරධර්ම කමිටුවෙන් එම අනුමැතිය ලැබුණු පසුව මෙය විද්‍යාත්මක පරීක්ෂණයට භාජනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
එහිදී අපි බලාපොරොත්තු වුණ විදියට බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා මෙය භාවිත කරනවා නම් එයට සාක්ෂි මත පදනම්ව මෙය ඖෂධය භාවිත කිරීමෙන් රෝගය නිශ්චිතව සුව වෙන බවට පරීක්ෂණයක් සිදුකළ යුතුයි.
එය සිදුකිරීමට තමයි සුදානම් වන්නේ. එම පරීක්ෂණයට අවශ්‍ය මුලික අනුමැතිය ලබාගැනීම සිදුවෙනවා.
එම පරීක්ෂණයෙන් පසුව අපිට නිශ්චිතව එය බටහිර වෛද්‍ය විද්‍යානූකූලව රෝගය නිශ්චිතව සුව කිරීමට සමත් ද කියන එක අපිට හෙළි කළ හැකියි.
එතකල් අපිට ඒ සම්බන්ධයෙන් බලා සිටීමට සිදුවෙනවා. ස්වාධීන කැමැත්තෙන් ඖෂධය ලබා ගන්නා අය වළක්වන්න බෑ.
මොකද දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ඔවුන් එය ආහාර සංඝටකයක් ලෙස ඔවුන්ට අනුමැතිය ලබාදීලා තියෙනවා.
එයට විරුද්ධ වීමට අපට හැකියාවක් නෑ"
යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
656 Views
Comments