කැළණි ගඟේ ගිලී සිසුන් දෙදෙනෙකු අතුරුදන්

කැළණි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසකගෙන් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
කිරිදිවැල රන්වල ප්‍රදේශයෙනුයි මෙම පිරිස දිය නෑමට ගොස් තිබෙන්නේ. වැලිවේරිය ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් මිතුරෙකුගේ උපන්දින සාදයකට සහභාගී වීමෙන් පසුවයි දිය නෑමට ගොස් තිබෙන්නේ. එහිදී දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
මෙසේ අතුරුදන්වී ඇත්තේ වයස අවුරුදු 19 ක් වූ මුදුන්ගොඩ හා නැදුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුන් දෙදෙනෙකුයි.
අතුරුදන්වූවන් සෙවීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් ද යොදවා සිටිනවා.
695 Views
Comments