පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
24

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන ආනයනය කිරීමට මේ මොහොතේ කිසිඳු තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරනවා.

 

මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී රථවාහන ගැන්වීම සඳහා මෙරට රාජ්‍ය බැංකුවක් හරහා ණයවර ලිපි ගොනු විවෘත කර තිබූ බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක දී දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

 

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බවත් මේ අවස්ථාවේදී එවැනි වාහන ගෙන්වීමක් කිසිසේත් සිදු නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා සිය ධූරයට තේරී පත් වූ මුල් අවධියේ දී තීරණය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 සඳහාම තීරු බදු රහිත වාහන බලපත්‍රයක් වෙනුවට වාහනයක් ලබාදීමටයි.

 

ඒ අනුව යම් දිනෙක පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට වාහන බලපත්‍රයක් වෙනුවට වාහනයක් හිමි වන බවයි දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ. නමුත් මේ මොහොතේදී එය සිදු නොව බව ඔහු අවධාරණය කළා.

views

1042 Views

Comments

arrow-up