ආනමඩුව පොලිසියේ රථවාහන ස්ථානාධිපති මිය යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

ආනමඩුව පොලිසියේ රථවාහන ස්ථානාධිපති මිය යයි

ආනමඩුව පොලිසියේ රථවාහන ස්ථානාධිපති මිය යයි

ආණමඩුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අද (05) අලුයම සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

හදිසි වැටලීමකට යමින් සිටි ස්ථානාධිතිවරයා ආණමඩුව නගරයේදී රිය අනතුරකින් මිය ගොස් ඇති අතර දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා ද තුවාල ලබා ප්‍රතිකාර සදහා ආණමඩුව රෝහල් ගත කර ඇත. නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් ලුහුබැඳ යාමේදී ආණමඩුව නගරයේ ඔරලෝසු කණුවේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

 

අනතුරින් මිය ගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක (වයස අවු:38) නම් අයෙකි. එක් දරු පියෙකු වන ඔහු නිකවැරටිය – ඉහළගම පදිංචිකරුවෙකි.

 

 

views

756 Views

Comments

arrow-up