ජනවාරියේදී කොප් කමිටුව හමුවට රාජ්‍ය ආයතන 05ක් කැඳවයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( COPE ) ජනවාරි මස තුළ දී රාජ්‍ය ආයතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. කෝවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජනවාරි මස 06, 08, 19, 21 සහ 22 යන දිනයන්හිදී රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද මහාචාර්ය චරිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය. මේ අනුව ජනවාරි 06 දින ස්වාධීන රූපවාහිනී සේවයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය. එසේම ජනවාරි 08 දින මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලේ ආයෝජන කළමනාකරණය පිළිබඳ විශේෂ විගණන වාර්තාවත්, ජනවාරි 19 දින ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් ගබඩා කිරීම සහ බෙදාහැරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවත්, ජනවාරි 21 දින පොල් සංවර්ධන අධිකාරිය පිළිබඳවත්, ජනවාරි 22 දින විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවත් කෝප් කමිටුවේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
674 Views
Comments