ලංකාවට මත්ද්‍රව්‍ය ගේන අලුත්ම ක්‍රමය (PHOTOS)

ශ්‍රී ලංකාව තුළ ට විදේශ රටවල් වල සිට තැපැල් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය එවීමේ කූඨ ජාවාරමක් අනාවරණය කර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිලධාරීන් සමත් වී තිබෙනවා.
ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 27 වන දින ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගුවන් මගින් පාර්සලයක් ලැබී තිබුණා.
එම පාර්සලයේ සඳහන්ව තිබූ නම ව්‍යාජ එකක් බවට පසුව හඳුනා ගැනුණා.
කෙසේ නමුත් මෙම පාර්සලය ලබා ගැනීමට කිසිඳු පුද්ගලයෙකු පැමිණ තිබුණේ නැහැ.
ඒ පිළිබඳව සැක සිතුනු නිලධාරීන් එය කඩා බැලීමේදී ඒ තුළ තිබී කුෂ් නැමති ගංජා මිශ්‍ර මත්ද්‍රව්‍ය ග්‍රෑම් 27 ක් සහ කුෂ් ඔයිල් ග්‍රෑම් 38 සොයා ගැනීමට සමත් වුණා.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා තහවුරු කළා.
දෙවන සිදුවීම ලෙස පසුගිය ජනවාරි 4 වනදා ප්‍රංශයේ සිට ඩුබායි රාජ්‍යය හරහා තවත් පුද්ගලයකු ගේ නමට පාර්සලයක් එවා තිබූ අතර ඒ තුළ ද තිබී මත්පෙති 4962 ක් සොයා ගැනුණා.
මේ සිද්ධීන් සමඟ මෙරටට මත්පෙති ගෙන එන නව ක්‍රමයක් ජාවාරම්කරුවන් විසින් ගෙන යන බවට පොලිසිය සැක පළ කරනවා.
ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ගුවන්තොටුපල රේගු නිලධාරීන් එක්ව මෙරටට පැමිණෙන පාර්සල සහ ඒවා ලබාගන්නා පුද්ගලයින් පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
1006 Views
Comments