වැඩිහිටියන්ගේ ජීවිත රැකගැනීම සඳහා විශ්‍රාම වැටුප් නිවෙස්වලටම
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

වැඩිහිටියන්ගේ ජීවිත රැකගැනීම සඳහා විශ්‍රාම වැටුප් නිවෙස්වලටම

වැඩිහිටියන්ගේ ජීවිත රැකගැනීම සඳහා විශ්‍රාම වැටුප් නිවෙස්වලටම

කොවිඩ් 19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී පසුගිය අවස්ථාවේ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (27) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේය.

 

බැරෑරුම් තත්ත්වයකදී වුවද විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.

 

වෛරසය නිසා සිදුවිය හැකි ජීවිත විනාශය වළක්වන අතර අවදානමට ලක්විය හැකි වැඩිහිටි ජනතාව රැකගැනීම සඳහා සියළු පියවර ගන්නා ලෙසත් උපදෙස් දෙන ලදී. එබැවින් මහජන ආධාර, විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට හා තැපැල්පතිට මෙම සාකච්ඡාවේ දී උපදෙස් ලබාදුන්නේය.

 

 

views

693 Views

Comments

arrow-up