බන්ධනාගාර නිලධාරින් 15 දෙනෙකුගේ වැඩ තහනම්

විවිධ වැරදිවලට සම්බන්ධ බන්ධනාගාර නිලධාරින් 15 දෙනෙකු මේ වන විට වැඩ තහනමට ලක් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම තවත් බන්ධනාගාර නිලධාරින් 21 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරින් 10 දෙනෙකු, මීගමුව බන්ධනාගාරයේ 9 දෙනෙකු මෙන්ම දුම්බර සහ වාරියපොල බන්ධනාගාරවල නිලධාරීන් දෙදෙනෙකුට මෙලෙස ස්ථාන මාරු වීම් ලබාදී ඇති බව සඳහන්.
බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් විසින් ලබා දී තිබූ තොරතුරු මතයි මෙම ස්ථානමාරු වීම් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
706 Views
Comments