කුඩු ඇද්ද බළලා හිරෙන් පනියි

මැගසින් බන්ධනාගාරයට හෙරොයින් ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැකකෙරෙන බළලා අතුරුදන්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන බව අරුණ පුවත්පත වාර්තා කරයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ පසුගිය (01) වනදා මැගසින් බන්ධනාගාරය අසලදී බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බළලා ය.
එම බළලා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඌගේ ගෙලෙහි බැඳි ඉටි කවරයක තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 07ක්, සිම් කාඩ්පත් දෙකක් සහ මෙමරි කාඩ්පතක් හමුවී තිබිණි.
එම හෙරොයින් සහ සිම් කාඩ් පත් ඇතුළු ද්‍රව්‍ය කා සඳහා ගෙන ගියේද යන්න පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද වාර්තා වේ.
අදාල සිම් කාඩ්පතේ සහ මෙමරි කාඩ්පතෙහි දත්ත අනුව එය කා සඳහා ගෙනගියේද යන්න නිසැකවම දැනගැනීමට හැකිවනු ඇත.
කෙසේ වෙතත් මෙලෙස අතුරුහන්වී ඇති බළලා සොයා පුළුල් මෙහෙයුමක් දියත් කර ඇතැයිද වාර්තා වේ.
991 Views
Comments