පෑලියගොඩ පොකුර යාපනයේ ගම්මාන දෙකක් වසයි

පෑලියගොඩ මාළු තොග වෙළෙඳ සංකීර්ණයට පැමිණි යාපනයේ මාළු වෙළෙන්දන් දෙදෙනෙකුට covid 19 ආසාදනය වී ඇති බව යාපනය මහජන සෞඛ්‍යය පරීක්ෂක කාර්යාලය පවසනවා.
යාපනයේ ගුරු නගර් සහ පාසෙයියූර් යන ගම්මානවල පදිංචි මාළු ව්‍යාපාරිකයන් දෙදෙනකු පෑලියගොඩ ගොස් ඇති බව අනාවරණය වීමෙන් පසු ඔවුන් පිවිසියාක් පරීක්ෂණය සඳහා ඊයේ යොමු කර ඇති අතර එහිදී වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා ඒ අනුව යාපනයේ ගම්මානයන් දෙකකට පිවිසෙන ප්‍රධාන මාර්ග අවහිර කරමින් සීමා පනවා තිබේ.
යාපනය ගුරුනගර් සහ පාසෙයිඌර් යන ගම්මාන වලට ඇතුළුවන මාර්ග අවහිර කරමින් සීමා පැනවීමට පොලීසිය, සෞඛ්‍ය නිලධාරීන් සහ යුද හමුදාව කටයුතු කර ඇත. යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සදහන් කළේ මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හදුනාගන්නා තුරු ගුරුනගර් සහ පාසෙයිඌර් යන ගම්මාන සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගන්නා ලෙස සෞඛය අමාත්‍යංශය ද දැනුම් දුන් බවයි.
650 Views
Comments