වයෝවෘද්ධ සිල් මාතාව කෙළෙසා වසර 13ක් සැඟව සිටි “ලොකු ජැකා” මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

වයෝවෘද්ධ සිල් මාතාව කෙළෙසා වසර 13ක් සැඟව සිටි “ලොකු ජැකා” මාට්ටු

වයෝවෘද්ධ සිල් මාතාව කෙළෙසා වසර 13ක් සැඟව සිටි “ලොකු ජැකා” මාට්ටු

අනුරාධපුර පූජා නගරය ආසන්නයේදී වයස අවුරුදු 70ක සිල් මාතාවකට බරපතළ ස්ත්‍රී දූෂණයක් සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මහාධිකරණය මගින් විවෘත වරෙන්තු 8ක් ලබා වසර 13 කට ආසන්න කාලයක් පොලිසිය මඟහැර සැඟව සිටි පුද්ගලයකු පෙරේදා (7) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ‘ලොකු ජැකා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ 36 හැවිරිදි පුද්ගලයෙකි.

 

අත්අඩංගුවට පත් සැකකරු 2015 දී අනුරපුරේදී සිල් මාතාවක් දූෂණය කිරීම, රන්බඩු කොල්ලකෑම, කාන්තාවකට ස්ත්‍රී දූෂණයක් සිදු කිරීම, නිවාසවලට ඇතුළු වී දේපළ සොරකම් කිරීම, මුදල් මංකොල්ල කෑම, තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන්ට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අපරාධ ක්‍රියා රැසක් සම්බන්ධයෙන් විවෘත වරෙන්තු අටක් ලබා සැඟවී සිටි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

 

ඉහත චෝදනා සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී, සැකකරු මියගොස් ඇති බවට හෝ අතුරුදන් වන්නට ඇති බවට පවසා නිවැසියන් විසින් අවස්ථා කිහිපයකදීම තම නිලධාරීන් නොමඟ යවා ඇති බවද පොලිසිය කියයි.

 

සැකකරු ඊයේ (8 දා) අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

views

230 Views

Comments

arrow-up