වාසුගෙන් ආණ්ඩුවේම තීරණයකට විරෝධය...
මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට තමන් විරුද්ධ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටින බව වාර්තාවේ.
පසුගියදා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා වෙත ලිපියක් යොමු කරමින් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කොට එහි සේවකයන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා වෙත ලිපියක් යොමු කරමින් වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දී ඇත්තේ අදාළ ආයතනය අගමැතිවරයා යටතේ පවතින්නක් බැවින් ඒ සම්බන්ධ තීන්දු තීරණ ගත යුත්තේ අගමැතිවරයා විසින් බවත්, ජනාධිපති කාර්යාලය නොවන බවයි.
එහිදී වාසුදේව මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ජනතාවගේ දැඩි විරෝධය ආණ්ඩුවට එල්ලවිය හැකි බවයි.
713 Views
Comments