දියතලා කඳවුරේ සිටි වුහාන් සිසුන් පිටව යයි

චීනයේ වූහාන් හි සිට පැමිණ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රි ලාංකිකයින් 33දෙනා එම මධ්‍යස්ථානයෙන් යුද හමුදා මූලස්ථානය වෙත පිටත්ව තිබේ.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ යුද හමුදාවේ මැදිහත් වීමෙන් එම පිරිස රැගත් බස් රථය පෙරවරු 10.00ට පමණ දියතලාව හමුදා කඳවුරෙන් පිටත් කර හැරුණු බවයි.
අද පස්වරුවේ එම සිසුන් 33දෙනා ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි .
නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වු චීනයේ වූහාන් නගරයේ රැඳී සිටි මෙම ශ්‍රි ලාංකිකයින් 33 දෙනා පසුගිය පළමුවනදා දිවයිනට රැගෙන එනු ලැබුවේය.
ඉන්පසුව නිරෝධායන ක්‍රියාවලියක් සඳහා ඔවුන් දියතලාව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත කෙරුණු විශේෂිත මධ්‍යස්ථානයක සියලු පහසුකම් යටතේ දින 14ක කාලයක් රඳවා තැබීමට කටයුතු කෙරුණි.
720 Views
Comments