වාරියපොළ සභාපති පුටුවට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි ඇනගනී - තිදෙනෙක් රෝහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
24

වාරියපොළ සභාපති පුටුවට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි ඇනගනී - තිදෙනෙක් රෝහලට

වාරියපොළ සභාපති පුටුවට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි ඇනගනී - තිදෙනෙක් රෝහලට

වාරියපොල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින්  තිදෙනකු රෝහල්ගත කර ඇතැයි වාරියපොළ පොලිසිය කියයි.

 

සභාපතිවරයා ලෙස වැඩ බාරගත් ලයනල් ප්‍රේමතිලක මහතා සමග ප්‍රාදේශීය සභාව තුළ සිටි හිටපු සභාපතිවරයකු වන තිලකරත්න දිසානායක මහතා සහ නිල්මිණී සෙනෙවිරත්න මන්ත්‍රීවරියට වත්මන් වැඩබලන සභාපතිවරයා පහර පහරදුන් බව කියා වාරියපොල රෝහලට ඇතුලත් වී ඇත.

 

වැඩ බලන සභාපතිවරයා සමග සිටි පුද්ගලයකුද හිටපු සභාපති තිලකරත්න මහතා පහරදුන් බව කියමින් නිකවැරටිය රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටී.

 

හිටපු සභාපති තිලකරත්න දිසානායක මහතා කියා සිටින්නේ අද දින වැඩබාරගත් සභාපති ප්‍රේමතිලක මහතාගේ තනතුර අත් හිටුවා අතුරු තහනම් නියෝගයක් ගත් බව කියාගෙන පැමිණි වැඩ බලන සභාපතිවරයා ප්‍රාදේශීය සභාව තුල ආහාර ගනිමින් සිටි තමන්, නිල්මිණී මන්ත්‍රීතුමිය ඇතුලු එහි සිටි පිරිසට පහරදුන් බවයි. මේ සම්බන්ධයෙන් වාරියපොල පොලිස් ස්ථානයේ පැමිණිළි කීපයක්ද සටහන් කර ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට වැඩබලන සභාපති අනුර සුදර්ශන මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් සභාපතිවරයාගේ දුරකතන ක්‍රියා විරහිතව තිබිණ

views

741 Views

Comments

arrow-up