අනවශ්‍ය ගමන්බිමන්වලින් වැළකී සිටින්නැයි ජනතාවට දැනුම් දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

අනවශ්‍ය ගමන්බිමන්වලින් වැළකී සිටින්නැයි ජනතාවට දැනුම් දෙයි

අනවශ්‍ය ගමන්බිමන්වලින් වැළකී සිටින්නැයි ජනතාවට දැනුම් දෙයි

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින කාන්තාවට කොවිඩ්-19 ආසාදනය වූ ආකාරය මෙතෙක් තහවුරු වී නොමැති බව යුධ  හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 

ඔහු පවසන්නේ මේ හේතුවෙන් ජනතාව වැඩි අවධානයක් යොමුකර අනවශ්‍ය ගමන්බිමන්වලින් වැළකී සිටීම වැදගත් බවය.

 

වඩාත් සැළකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ද ජනතාවගෙන් ඉල්ලීමක් කරති.

 

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ් 19රෝගය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමගම  ඇය  IDH රෝහලට ඇතුළත් කර තිබේ.

 

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව සුව වී නිවසට යන අවස්ථාවේ සිදුකළ PCR පරීක්ෂණයේදී කොවිඩ්-19  ආසාදිතයකු බවට හඳුනාගෙන තිබුණි.

 

මෙම කාන්තාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ  ප්‍රධාන පෙළේ පෞද්ගලික ඇඟළුම් ආයතනයක සේවය කර ඇති අතර ඇය සමග සමීප සබඳතා පැවැත් වූ පුද්ගලයින් 40 දෙනෙකු පමණ නිරෝධායනයට යොමුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

ඊට අමතරව ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු ද නිරෝධායනයට යොමුකර ඇති අතර තවදුරටත් ආශ්‍රිතයින් හඳුනාගනිමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

 

මෙම කාන්තාවට කොවිඩ් -19 ආසාදනය වූ ආකාරය පිළිබඳව පරීක්ෂණ සිදුකරන අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව සෞඛ්‍ය අංශ කියා සිටිති.

 

views

1534 Views

Comments

arrow-up