කොරෝනා මරණ සම්බන්ධයෙන් බහුතර කැමැත්තට හෝ ජනප්‍රියත්වයට තීරණ ගන්න එපා - GMOA

කොවිඩ් ආසාදිත ව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමිදානය කිරීමට හැකිද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව ඉදිරි දිනවල දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මේ සඳහා බහුතර අදහස් මත සලකා හෝ ජනප්‍රියත්වය යන කරුණු මත පිහිටා අවසන් තීන්දුවක් ගැනීම සුදුසු නොවන බවත් විද්‍යාත්මක පදනමක් මත පිහිටා සාමූහික තීරණයක් ගත යුතු බවත් එම සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියාසිටියා.
යම් අයෙකු විද්‍යානුකූල පදනමක් මත පිහිටා තත්ව වාර්තාවක් ලබාදෙනවා නම් ඒ පිළිබඳව වග කියනවා නම් ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ගැටළුවක් නැති බව ඔහු කියා සිටියා.
764 Views
Comments