ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් පිල්ලෙයාන් සහ කරුණාඅම්මාන් හමුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
03

ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් පිල්ලෙයාන් සහ කරුණාඅම්මාන් හමුවෙයි

ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් පිල්ලෙයාන් සහ කරුණාඅම්මාන් හමුවෙයි

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් වෙන වෙනම හමු වී තිබෙන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

 

මහා කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා එක් වූ එම හමු දෙකේදීම ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සංවර්ධනය සහයෝගීතාවයක් නිසා ඉන්දියාවේ කැපවීම අවධාරණය කළ බවයි මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරන්නේ.

 

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හමුවූ අවස්ථාවේදී දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා පිළිබඳව ඔහු සාකච්ඡා කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.

 

මේ අතර විනායගමූර්ති මුරලිදරන් අදහස් දක්වා ඇත්තේ යුද්ධයෙන් වැඳපු කාන්තාවන්ට සහ ආබාධිත වූවන්ට ජීවනෝපාය අවස්ථා ලබා දීම සහ ශිෂ්‍යත්ව ලබා දීම වැනි කරුණු සම්බන්ධයෙන් බව එහි සඳහන්.

 

13 ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා තුළින් දමිළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම උදෙසා අර්ථවත් විසඳුම බලය බෙදීම වන බවට ඉන්දීය රජය දරන ස්ථාවරය නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් එහිදී අවධාරණය කර තිබෙනවා.

views

737 Views

Comments

arrow-up