කැලණිය නව පාළම සිට අතුරුගිරියට අධිවේගී මාර්ගයක්

පිටත වටරවුම් මාර්ගයට අතුරුගිරියේදී සම්බන්ධ වන පරිදි රාජගිරිය හරහා කැලණිය නව පාළම දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය (Elevated expressway) ඉදිකිරීමට මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනවාට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා
එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකර ඇති බවත් ඉදිකර පවත්වාගෙන ගොස් පැවරීමේ පදනම (BOT) මත එම ව්‍යාපෘතිය 100% විදෙස් අරමුදල් සහිතව කිරීමට නියමිත බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියා.
592 Views
Comments