මාතලේ නිවාඩු නිකේතනයක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවසක් වටලා 4ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

මාතලේ නිවාඩු නිකේතනයක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවසක් වටලා 4ක් අත්අඩංගුවට

මාතලේ නිවාඩු නිකේතනයක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවසක් වටලා 4ක් අත්අඩංගුවට

මාතලේ, තොටගමුව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු සහ එහි කළමණාකරු සමඟ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය පවසයි.

 

මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් අනුව සිදු කළ විමර්ශනයකින් පසු සැකකාරියන් සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් දෙදෙනා වාරියපොල සහ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි අයවලු‍න් වන බවත් කළමණාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා අංගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් පොලිසිය පවසයි.

 

මිට පෙරද කළමණාකරු ලෙස කටයුතු කළ අය මෙම චෝදනාවට  මිට පෙරද අත්අඩංගුවට පත් අයෙකු බවද පොලිසිය කියයි.

 

 මාතලේ ප්‍රදේශයේ අයකුගෙන් මෙම නිවාඩු නිකේතනය කුලියට ගෙන ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් තිබේ.

views

1179 Views

Comments

arrow-up