කොරෝනා අසාදිත මෘතදේහ භූමිදානය කළ හැකියි - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

කොරෝනා අසාදිත පුද්ගලයින්ගේ මෘත දේහය භූමිදානය කිරීම ගැටළුවක් නොවන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරනවා.
කරුණු කිහිපයක් නිරීක්ෂණය කරමින් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මෘතදේහ භූමිදානය කිරීම ගැටළුවක් නොවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
1) කොවිඩ් ආසාදනය සිදුවන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් බවත් ආමාශ ආන්ත්‍රික ද්වාර ඇතුළුව වෙනත් මාර්ග හරහා එය ආසාදනය වූ බවට වාර්තා වී නැත.
2) වෛරසය වර්ධනය වී හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් මළ සිරුරක් තුළ ආසාදිත තත්වයෙන් එය සැලකිය යුතු කාලයක් සඳහා පැවතිය නොහැක.
3) පශ්චාත් මරණ පරීක්ෂණයකදී සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල ධනාත්මක වුවද මළ සිරුරෙන් වෛරසය ව්‍යාප්ත වන බවට නිශ්චිත අඳහසක් ඇති නොවේ.
3) භූමිදාන කළ මළ සිරුරු වලින් ඇති විය හැකි ජල දුෂණයට වඩා ආසාදිත රෝගීන්ගේ බහිස්‍රාවීය ද්‍රවයන් හා අපද්‍රව්‍ය මගින් වඩාත් දරුණු ලෙස ජලය දුෂණය විය හැකි.
4) භූගත ජලයෙන් අවස්ථා කිහිපයකදී හමු වූ බවට වාර්තා වූවත් එම වෛරස ආසාදිත තත්වයේ ඇති බවට වාර්තා වී නැත.
5) මින් පෙර වාර්තා වූ ඉන්ෆ්ලුවෙන්සා සහ SARS වැනි වෛරස සම්බන්දයෙන් කළ ගැඹුරු අධ්‍යනවලදී පවා එවැනි ආසාදන පිලිබඳ වාර්තා වී නැත.
6) ජලය ආශ්‍රිත බෝවන කොළරාව වැනි දරුණු රෝග වලදී පවා මළසිරුරු භූමිදානය කෙරේ.
මෙම කරුණු මත පදනම්ව මෘත දේහය ආදාහනය කිරීම සඳහා අවසර ලබා දිය හැකි බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.
එසේ වුවද සබරගමුව විශ්වවිද්‍යාලයේ පාංශු හා පාරිසරික විද්‍යා පිළිබඳ විශේෂඥ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත මෘත දේහය භූමිදානය කිරීම හේතුවෙන් අනාගතයේ දී භයානක තත්ත්වයක් උද්ගත විය හැකි බවයි.
781 Views
Comments