දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගම්පහ නගරයේ සියලු උපකාරක පන්ති පරික්ෂාවකට ලක් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
19

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගම්පහ නගරයේ සියලු උපකාරක පන්ති පරික්ෂාවකට ලක් කරයි

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගම්පහ නගරයේ සියලු උපකාරක පන්ති පරික්ෂාවකට ලක් කරයි

ගම්පහ නගර සභාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව ගම්පහ නගරයේ සියලුම උපකාරක පන්ති ඊයේ පරීක්ෂාවට ලක් කළා.

 

ගම්පහ, සිරිකුරුස මාර්ගය අසළ මහල් ගොඩනැගිල්ලක පවත්වා ගිය උපකාරක පන්තියක කාන්තා වැසිකිළියක කැමරාවක් සවිකොට තිබීමේ සිද්ධිය වාර්තා වීමත් සමග ගම්පහ පුරපති එරංග සේනානායක සහ ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබුණා.

 

මේ සම්බන්ධයෙන් පුරපතිවරයා සදහන් කර සිටියේ අධ්‍යාපනික නගරයක් වන ගම්පහ නගරයේ උපකාරක පන්තියක් පවත්වාගෙන යනු ලබන ස්ථානයක මෙවන් සිද්ධියක් වාර්තා වීම අප්‍රසන්න තත්ත්වයක් බවත් දැඩි විශ්වාසයකින් යුතුව මව්පියවරුන් දරුවන් උපකාරක පන්තිවලට සහභාගිකර වන බැවින් එම විශ්වාසය මෙන්ම ආරක්ෂාව සුරක්ෂිත වන අන්දමින් පවත්වාගෙන යුතු බවයි.

 

මේ අතර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතා ප්‍රකාශ කොට සිටියේ, උපකාරක පන්ති සදහා පැමිණෙන සිසු දරුවන්ට, එම ස්ථානයන් දැඩි සුරක්ෂිත ස්ථානයන් වශයෙන් පවත්වාගෙන යාම එම ස්ථාන පවත්වාගෙන යන තැනැත්තන්ගේ වගකීමක් වන බවත් නිසියාකාරයෙන් පන්ති පවත්වාගෙන යාම පිණිස නගර සභාව මගින් සිදු කරනු ලබන කටයුතු සදහා පොලීසිය අවශ්‍ය සහාය ලබා දීම සිදු කරන බවත්ය.

 

මෙම පරීක්ෂාවේදී ස්ථාන ගණනාවක පැවති අඩුපාඩු පෙන්වා දුන් අතර එම අඩුපාඩු සකස්කර ගැනීමට උපදෙස් දුන් බව නාගරික පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා පැවසුවා.

views

915 Views

Comments

arrow-up