රජයේ නිලධාරීන් විදෙස් රැකියා සඳහා යොමු කිරීම කඩිනම් කෙරේ

රජයේ නිලධාරීන් විදෙස් රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරවීම හා ඊට සම්බන්ධ ආයතන මුහුණ දී ඇති ගැටළු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ රාජ්‍ය නිළධාරීන් අතර පසුගිය දා පැවැත් වී තිබෙනවා.
අයදුම් කර ඇති රාජ්‍ය සේවකයන් සඳහා කඩිනමින් විදේශ රැකියා අවස්ථා සොයා ගැනීම හා අයදුම්පත් අදාළ පාර්ශව වෙත යොමු කිරීම මගින් විභවයක් පවතින විදේශ රැකියා කාණ්ඩ හදුනා ගැනීම හා ඉලක්ක කණ්ඩායම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා.
එසේම රාජ්‍ය නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා අංක 14/2022 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මෙන්ම තවත් කරුණු හයක් පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.
224 Views
Comments