OCT
28
ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයා දිවයිනෙන් පිටත්ව යයි

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු දූත පිරිස නිල සංචාරය නිමා කරමින් අද දහවල් කටුනායක ගුවන්තොටුපලෙන් නික්මුණා.
දහවල් 1.06ට එම විශේෂ ගුවන් යානය මාලදිවයින බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට අයත් බෝයිං – 757 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් ඊයේ රාත්‍රි 7.35 ට ඔහු දිවයිනට පැමිණි අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මුණ ගැසී ද්වීපාර්ශවීය සාකච්ඡා පවත්වනු ලැබුවා.
586 Views
Comments