ලංකාවෙන් ඉන්දියාවට පැන එන පිරිස වැඩිවෙලා…- ඉන්දියාව

යුද්දය හේතුවෙන් ඉන්දියාවට පලාගොස් සරණාගතභාවය ලබාගෙන සිටින ශ්‍රීලාංකික වැසියන් නැවත ශ්‍රීලංකාවට ගෙනඒමට රජය විසින් පියවර ගන්නා අවස්ථාවක උතුරෙන් ඉන්දියාවට පලායන පිරිස් ප්‍රමාණය නැවතත් වැඩිවී ඇතැයි ඉන්දීය වෙරලාරක්ෂක බලකාය පවසයි.
මේ අතර ඊයේ (21) දිනයේදීද යාපනය ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරල ප්‍රදේශයට පැමිණි සිටි යාපනයේ සහ මඩකලපුවේ පදිංචි වැසියන් 12 දෙනෙකු බේරාගෙන රාමේෂ්වරන් පොලීසිය වෙතට භාරදුන් බවට ඉන්දීය වෙරලාරක්ෂක බලකාය දැනුම් දී ඇත.
ධීවර බොට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි ප්‍රදේශයට යාමෙන් පසුව අදාල බොට්ටුව එම පිරිස් දමා ආපසු ගොස් ඇති අතර ධනුෂ්කොඩි වෙරල ප්‍රදේශයෙන් ගොඩබසින ලද පිරිස් වෙතට ආහාර නොමැති වීමෙන් ඔවුන් ඉන්දීය ධීවරයින්ගෙන් උදව් ඉල්ලා සිටීමේදී ඒ පිළිබඳව ඉන්දීය ධීවරයින් විසින් එරට වෙරලාරක්ෂක නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව වෙරලාරක්ෂක නිලධාරීන් පැමිණ සිය භාරයට ගනු ලැබීය.
මේ වසරේ (2022) ගෙවී ගිය මාර්තු මාසයේ සිට සැප්තම්බර් මස මේ දක්වා උතුරු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලාගිය සාමාන්‍ය වැසියන් 169 දෙනෙකුට සරණාගතභාවය ලබාදී ඇති බවටද ඉන්ධීය මාධ්‍ය විසින් වාර්ථා කොට තිබුණි. එමෙන්ම ඉන්දියාවට පලායාමට උත්සහ ගෙන නාවික හමුදා භාරයට පත් වූ ප්‍රමාණය 600 කට අධික බවටද නාවික හමුදාව පවසයි.
මේ අතර ඉන්දියාවට ගොස් එරට වෙරලාරක්ෂක බලකාය බාරයට පත්වූ ශ්‍රීලාංකික වැසියන් පවසා ඇත්තේ තම රටේ පවතින ආර්ථික තත්වයට මුහුණ පෑමට නොහැකි වීමෙන් මෙලෙස ඉන්දියාවට පලා යන බවටය.
201 Views
Comments