යකඩ පොල්ලකින් පහර දී සිය පියා ඝාතනය කල පුත්‍රයා අත්අඩංගුවට

පුත්‍රයෙකු විසින් තම පියාට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සෝචනීය සිදුවීමක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තාවේ.
ඊයේ (25) මෙම ඝාතනය බේරුවලල, මග්ගොන ප්‍රදේශයේදී සිදුව ඇති අතර ඝාතනය සිදු කළ 29 හැවිරිදි පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ 60 හැවිරිදි එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, සැකකාර පුත්‍රයා සහ මියගිය පියා එක්ව වඩු මඩුවක් පවත්වා ගෙන ගොස් ඇති බවත් ඊට අදාළ සිදු වූ අරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.
5840 Views
Comments