සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හින්දු බැතිමතුන්ට විශේෂ දැනුම්දීමක්

අද(14) දිනයට යෙදී තිබෙන දීපවාලි උත්සව සැමරීම සදහා උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් දීපවාලි උත්සවය සැමරිය යුතු බවයි.
මේ අතර කොළඹ, ගම්පහ, කළුතර වැනි ඉහළ අවදානම් සහිත ප්‍රදේශවලින් සෙසු පළාත්වලට සිදුකරන සංචරණ සීමා කරන ලෙසටද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
670 Views
Comments