මාර්ග දෙපස පැළ දස ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියක්

මාර්ග දෙපස පැළ දස ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම හරිත ව්‍යාපෘතිය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මකයි. ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ මාර්ග සංවර්ධන අධිකාරියයි.
ප්‍රදේශවල දේශගුණ තත්ත්වයන්ට උචිත පැලෑටි ඒ ඒ ප්‍රදේශවල වගා කිරීමටත්, අලංකාරය මෙන්ම ස්වභාවික පරිසරයට වැඩි දායකත්වයක් ලබාදෙන පැලෑටි තෝරා ගැනීමටත් නියමිත බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවැසුවේ.
එමෙන්ම ඇහැළ, කුඹුක්, කොහොඹ යන ශාක මේ වන විටත් එම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙනවා.
841 Views
Comments