දයාසිරි කියූ බොරුවක් ගැන Ceypetco වෙතින් නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

දයාසිරි කියූ බොරුවක් ගැන Ceypetco වෙතින් නිවේදනයක්

දයාසිරි කියූ බොරුවක් ගැන Ceypetco වෙතින් නිවේදනයක්

 

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ඊයේ (05) මාධ්‍ය හමුවක් පවත්වමින් ඉන්ධන ආනයනය කිරීම පිළිබඳ සිදු කළ ප්‍රකාශය අසත්‍ය හා පදනම් විරහිත එකක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

 

එය සිතාමතා ජනතාව තුළ වෛරයක් ඇති කිරීම සඳහා කරන ලද ප්‍රකාශයක් බවත් එම ප්‍රකාශය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

 

බ්‍රෙන්ට් වර්ගයේ ඉන්ධන ගෙන්වීමේ දී බරපතළ දූෂණයක් සිදු වී ඇති බවට යි දයාසිරි ජයසේකර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට චෝදනා එල්ල කළේ.

views

237 Views

Comments

arrow-up