පාර්ලිමේන්තු එන ලෙස ඉල්ලමින් ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ගෙන් බැසිල්ට ලිපියක්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට, පාර්ලිමේන්තුවට ප‍්‍රවේශ වන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 19 දෙනෙකු අත්සන් තැබූ ලිපියක් යොමු කර තිබෙනවා.
රටේ ආර්ථික සංවර්ධනය උදෙසාත්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සක‍්‍රීය දායකත්වය රටට ලබාදීම සඳහාත්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ප‍්‍රවේශ වීම අත්‍යවශ්‍ය යැයි තමන් විශ්වාස කරන බවයි අදාළ මන්ත‍්‍රීවරුන් පිරිස යොමු කළ ලිපියේ දැක්වෙන්නේ.
වසර හතරක කෙටි කාලයක් තුළ පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ දේශපාලන පක්ෂය බිහි කළේ බැසිල් රාජපක්ෂ මහතා බව එම ලිපියේ සඳහන් වේ.
මෙම මන්ත්‍රීවරුන් තවදුරටත් කියා සිටින්නේ බැසිල් රාජපක්ෂ නොමැතිව ශ්‍රී ලංකාවේ පොදුජන පෙරමුණ ගැන සිතිය නොහැකි බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සම්පත් අතුකෝරළ, මේජර් ප්‍රදීප් උඳුගොඩ, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, අශෝක ප්‍රියන්ත, සංජීව එදිරිමාන්න, සහන් ප්‍රදීප් විතාන, අකිල සාලිය එල්ලාවල, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, අමරකීර්ති අතුකෝරාල, වසන්ත යාපා බණ්ඩාර, ඩබ්ලිව්.ඩි වීරසිංහ, ,එච්.නන්දසේන, කුමාරසිරි රත්නායක, මේජර් සුදර්ශන දෙනිපිටිය, රාජිකා වික්‍රමසිංහ, නිපුණ රණවක, කපිල අතුකෝරල යන මහත්වරුන් මෙම ලිපියට අත්සන් තබා තිබේ.
අදාළ ලිපිය බැසිල් රාජපක්ෂ මහතාට භාර දුන් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයෙක් සඳහන් කළා.
එබැවින් කඩිනමින් පාර්ලිමේන්තුවට ප‍්‍රවේශ වන ලෙස ඉල්ලා සිටින බව ද ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 19 දෙනා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.
588 Views
Comments