පාතාල කෙරුමෙක් පොලිස් වෙඩි පහරින් මරුට…

අද අලුයම 5.30 ට පමණ පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රන්කොත් පේඩිගේ සංජීව සම්පත් නොහොත් කැටවල පිටියේ සම්පත් යන පාතාල අපරාධ කල්ලිවල වෙඩික්කරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය් සේනාරත්න පැවසුවේ.
මල්වතුහිරිපිටිය, රබර්වත්ත ප්‍රදේශයේ දී මෙම වෙඩි හුවමාරුව සිදුව තිබෙනවා.
පොලිස් වෙඩි පහරින් මියගිය මෙම පුද්ගලයා ගනේමුල්ලේ සංජීව යන අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයෙක් වශයෙන් කටයුතු කර ඇති බව ද අනාවරණය වී තිබෙනවා.
පොලිසිය සමග වෙඩි හුවමාරුව සඳහා යොදා ගත් රිවෝල්වරය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
641 Views
Comments