AUG
18
නව රජයේ පළමු කැබිනට් රැස්වීම හෙට

නව ආණ්ඩුවේ මංගල කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) රැස් වේ. නව කැබිනට් ඇමැතිවරු 28 දෙනා සහභාගීවීමට නියමිතය.
නව වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන, සභානායකවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධාක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු ද පත්කිරීමට මෙහිදී යෝජනා කිරීමට ද නියමිතය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) සවස පැවැත්වීමට නියමිතය.
692 Views
Comments