ඥාතීන් භාර නොගත් කොවිඩ් මළ සිරුරු ආදාහනය රජයේ වියදමින්

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඞ් ආසාධිතව මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීමට තීරණය කර තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා නිකුත් කල නිවේදනයක දැක්වුණේ ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු එවැනි මළ සිරුරු වහාම සෞඛ්‍ය හා නීති උපදෙස්වලට අනුකූලව රජයේ වියදමින් අදාහනය කිරීමට පියවර ගෙන ඇති බවයි.
මේ සඳහා වන පිරිවැය ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදිය යුතු බවටද යෝජනා වී තිබෙනවා.
ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඞ් ආසාධිතව මියගිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ සිරුරු රජයේ රෝහල්වල මෘත ශරීරාගාරවල එක් රැස්වී පැවතීම මීට හේතුවයි.
581 Views
Comments