පලාත් කිපයකට ගිගුරුම් සහිත වැසි සමග තද සුළං - අවධානෙයන් සිටින්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
31

පලාත් කිපයකට ගිගුරුම් සහිත වැසි සමග තද සුළං - අවධානෙයන් සිටින්න

පලාත් කිපයකට ගිගුරුම් සහිත වැසි සමග තද සුළං - අවධානෙයන් සිටින්න

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහවවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

ඇතැම් ස්ථාන වලට විශේෂයෙන්ම ඌව පළාතේත් ත්‍රීකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මි.මි.50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා වන දිශා වලින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමයි.

 

සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැක.

 

 

views

733 Views

Comments

arrow-up