රුධිරය සංචිත ආරක්ෂිත මට්ටමටත් වඩා අඩුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
23

රුධිරය සංචිත ආරක්ෂිත මට්ටමටත් වඩා අඩුවෙයි

රුධිරය සංචිත ආරක්ෂිත මට්ටමටත් වඩා අඩුවෙයි

රුධිරය සංචිත ආරක්ෂිත මට්ටමටත් වඩා අඩු මට්ටමකට පත් වීමෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය දැඩි අසීරු තාවයකට පත්ව ඇති බව එම මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේය.

 

රුධිර සංචිත අඩු වීම හේතුවෙන් රුධිර පාරවිලන මධ්‍යස්ථානය සති කිහිපයක සිට අසීරු තත්ත්වයකට පත්ව සිටියදී ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමත් සමඟ රුධිර පරිත්‍යාගය කිරීමේ ස්වේච්ඡා වැඩසටහන් අවලංගු වූ බවත් ඉන්පසුව ඇඳිරි නීතිය පැනවීමත් සමඟ තවදුරටත් අපහසුතාවයට පත්ව ඇති බවත් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසුවේය.

 

රුධිරය වෙනත් භාණ්ඩ මෙන් කාලයක් ගබඩාකර තබා ගත නොහැකි බවත් රතු රුධිරාණු දින 30 ත් 35 ත් අතර කාලයක්ද රුධිර පට්ටිකා දින 06ක පමණ ඉතාමත් කෙටි කාලයක්ද ගබඩා කර තැබිය හැකි බවත් හෙතෙම පැවසීය.

 

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ ඉදිරියේදී ඇතිවන රුධිර ඉල්ලු‍ම මත ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ අභියෝගය දැඩි ලෙස වැඩිවනු ඇතැයිද වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා වැඩිදුරටත් කීවේය.

views

751 Views

Comments

arrow-up