ගම්පහ සහ කොළඹ සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ අද සිට නිවසටම

රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබාදීමේ වැඩසටහන අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
කොරෝනා ව්‍යාප්තිය හමුවේ නිදන්ගත රෝග සහිත වයස්ගත ජන කොටස් රෝහල් සායනවල වෙත පැමිණීම නුසුදුසු බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ.
රෝහල් සායනවල පවතින අධික තදබදය හේතුවෙන් මෙම රෝගය පහසුවෙන් වැළදිය හැකි බැවින් ඒ අනුව අද සිට සායනික ඖෂධ නිවෙස් වෙත ලබාදෙනු ඇති.
ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.
699 Views
Comments