”එක්කො සම්පායො අල්ලන්න ඕන… නැත්නම්, අල්ලන්න බැරි හේතුව කියන්න ඕන”- නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත පිළිබඳව දැඩි අප්‍රසාදය පළවිය.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ පරිහරණය සඳහා විවිධ උපකරණ ලබාදීම හා විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා විමර්ශනයක් ආරම්භ කළේ ය.
ඒ අනුව, පසුගිය 22 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කල අතර මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ, කරුණු සලකා බැලීමෙන් පසුවයි.
මේ අනුව මීගමුව බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කළ අනුරුද්ද සම්පායෝ, ප්‍රධාන ජේලර් උපාලි සරත්චන්ද්‍ර , වැඩ බලන ජේලර් නිශාන්ත සෙනාරත්න, දෙවන පෙළ ජේලර් ප්‍රසාද් කළුආරච්චි යන මහත්වරුන් අතඅඩංගුවට ගන්නැයි නියෝග කෙරිණ.
වරෙන්තු නිකුත් කර තිබියදී මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති සැකරුවෙකු වන මීගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ද සම්පායෝ මහතා සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ විය.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අවධාරණය කර සිටියේ, අපරාධකාරයින් සඟවන ක්‍රියාවලිය ද සෙවිය යුතුව ඇති බවයි.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අවධාරණය කර සිටියේ, සම්පායො අත්අඩංගුවට නොගන්නේ නම්, ඊට හේතුව අධිකරණය හමුවේ පැහැදිලි කළ යුතු බවයි.
වරේන්තුකරුවෙකු සැඟව සිටියහොත් නීතිය ක්‍රියාත්මක කළ හැකි ආකාරය ගැනද මෙහිදී පැහැදිලි කෙරිණ.
''එක්කො සම්පායො අල්ලන්න ඕන... නැත්නම්, අල්ලන්න බැරි හේතුව කියන්න ඕන''''එක්කො සම්පායො අල්ලන්න ඕන... නැත්නම්, අල්ලන්න බැරි හේතුව කියන්න ඕන'' නීතිපති දෙපාර්තමේන්තුව පොලිස්පතිට අනතුරු අඟවයි #lka #News1st #AttorneyGeneral'sDepartment #NegomboPrison #AHM
Posted by Newsfirst.lk on Friday, July 31, 2020
750 Views
Comments