බස්නාහිරට ඇතුළුවන සහ පිටවන පුද්ගලයින් දැඩි පරීක්ෂාවට - අධිවේගී මාර්ගයටත් සීමා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

බස්නාහිරට ඇතුළුවන සහ පිටවන පුද්ගලයින් දැඩි පරීක්ෂාවට - අධිවේගී මාර්ගයටත් සීමා

බස්නාහිරට ඇතුළුවන සහ පිටවන පුද්ගලයින් දැඩි පරීක්ෂාවට - අධිවේගී මාර්ගයටත් සීමා

ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් සිවිල් පොලිස් නිලධාරින් අද සිට යෙදවීමට නියමිතයි.

 

ඒ, අද මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා අලුයම 5 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණයත් සමගයි. මේ අතර, අධිවේගී මාර්ගයේ ද වාහන ගමනා ගමනය අද මධ්‍යම රාත්‍රියේ සිට සීමාවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

 

ඒ අනුව බස්නාහිර පළාතට කෙසේ හෝ ඇතුල් වුව ද අත්‍යාවශ්‍ය කරුණකට හැරුණුකොට ඉන් පිටවීමට කිසිදු අවසරයක් හිමි වන්නේ නැහැ.

 

මේ අතර අද උදෑසන 6 සිට බස්නාහිර පළාතේ සිට පිටවන සියලුම රථවාහන විශේෂ සෝදිසි කිරීමකට ලක්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

 

 

views

685 Views

Comments

arrow-up