DEC
17
ජනපති අනුර බුද්ධගයාව වැඳපුදාගනී

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(17)පෙරවරුවේ බුද්ධගයාවට පැමිණ සිදුහත් කුමරු බුද්ධත්වය ලැබූ ස්ථානයේ පිහිටා ඇති මහා විහාරයත් ශ්‍රී මහා බෝධීන් වහන්සේත් වැඳ ආශීර්වාද ලබා ගත්තේය.
ඉන්දියානු මහාබෝධි සමාගමේ මහලේකම් පූජ්‍ය පැලවත්තේ සීවලි ස්වාමීන්වහන්සේ සහ සාරනාත් මධ්‍යස්ථානාධිපති පූජ්‍ය රත්මල්වල සුමිත්තානන්ද ස්වාමීන්වහන්සේ විසින් ජනාධිපතිවරයාට ආශිර්වාද කරන ලදී.
113 Views
Comments