සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කල බස්රථ 70ක බලපත්‍ර අහෝසි කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
10

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කල බස්රථ 70ක බලපත්‍ර අහෝසි කරයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කල බස්රථ 70ක බලපත්‍ර අහෝසි කරයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන ගිය බස් රථ හැත්තෑවක පමණ සංඛ්‍යාවක බලපත්‍ර අත්හිටුවා නීතිය ක්‍රියාත්මක කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලු‍ම් අමුණුගම මහතා පැවසුවේය.

 

අන්තර් පළාත් බස්රථ 17ක සහ දිස්ත්‍රික් අතර ධාවනය වන බස්රථ පනහකට අධික ප්‍රමාණයක බලපත්‍ර අත්හිටුවා එම බස් රථ සේවකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

 

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් බස් රථ ධාවනයේ නිරතවන රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් පසුගිය සතියේ සිට ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

 

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොතකමින් බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කරන බවට විශාල පැමිණි සංඛ්‍යාවක් ලැබී ඇති බැවින් මෙම පියවර ගත් බවද අමාත්‍යරයා වැඩිදුරටත් පැවසුවේය.

views

758 Views

Comments

arrow-up