පාසල් වෑන් රථ සඳහා කහ වර්ණය අනිවාර්ය කෙරේ

පාසැල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වෑන් රථ සඳහා කහ වර්ණය පමණක් භාවිතා කිරීම අනිවාර්ය කිරීමට තීරණය කෙරේ.
පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා ලෝකයේ සෑම රටකම මහාමාර්ගය තුළ ධාවනය කිරීමේ දී ඊට ප්‍රමුඛස්ථානය හිමිවේ.
ඊහේතුව වන්නේ රටේ අනාගතය වන දරුවන් ගේ සුරක්ෂිතතාවය උදෙසා එම රජයන් විසින් පියවර ගෙන තිබීමයි.
බොහෝවිට පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා කහ වර්ණය භාවිතා වන නිසා එකී වැන් රථ පාසැල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ බව සෙසු වාහන රියදුරන්ට පහසුවෙන් අවබෝධ කර ගත හැකිවීමයි. මේ නිසා එම වාහනවලට ඉදිරියට ගමන් කිරීමට ප්‍රමුඛතාව හිමිවේ.
මෙම කාරණය සැළකිල්ලට ගනිමින් මෙරට පාසැල් දරුවන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා ද කහ වර්ණය ආලේප කිරීම අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහණ සේවා කලමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
662 Views
Comments