COVID-19 තාවකාලික විධිවිධාන පනත කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය

කොවිඩ් – 19 තාවකාලිකව විධිවිධාන පනත කෙටුම්පත් කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කැබිනට් මණ්ලයට ඉදිරිපත් කල යෝජනාවට අනුමැතිය හිමිවි තිබෙනවා.
කොවිඩ් – 19 වසංගතය හමුවේ දැනට අධිකරණවල පවතින නඩු කටයුතුවලට අදාලව යුක්තිය ඉටු කිරිමේදි අදාල සියලු පාර්ශවකරුවන් හා තැනැත්තන්ට නීතිමය ආරක්ෂාව සැලසෙන පරිදි නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගැනිමේ අරමුණ ඇතිවයි මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ .
විශේෂයෙන් නිශ්චිත කාළ සිමාවක් තුලදී ඇතැම් ක්‍රියාමාර්ග ගැනීම පිණිස යම් තැනැත්තන්ට නියම කර ඇති විටදී කොවිඩ් තත්ත්වය හේතුවෙන් නියමිත කාළ සිමාවෙන් බැහැරව එම ක්‍රියාමාර්ග ගැනිම සදහා විධිවිධාන පැණවිම යෝග්‍ය බවද සඳහන් වී තිබෙනවා.
ඒ අනුවයි හඳුනාගත් කරුණු ආවරණය වන අයුරින් අදාළ විධිවිධාන පැනවීම සඳහා කොවිඩ් 19 (තාවකාලික විධිවිධාන )පනත කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අධිකරණ අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ.
708 Views
Comments