FEB
25
IOC ඉන්ධන මිල යළි ඉහළට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) සිය ඉන්ධන් මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව එම සමාගමේ සියලුම වර්ගවල ඩීසල් මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 15කින්.
එමෙන්ම පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 20කින් ඉහළ නැංවීමටයි IOC සමාගම පියවර ගෙන ඇත්තේ.
නව මිල ගණන් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති.
ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204ක්.
IOC සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 139ක් වනු ඇති.
ලංකා IOC සමාගම පසුගිය 06 වනදා ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා.
1224 Views
Comments