OCT
14
ගසක් වැටිමෙන් තේ දළු නෙළමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් මරුට

බලංගොඩ – පින්නවල – වලව්වත්ත ප්‍රදේශයේ රජයට අයත් තේ වතු යායක දළු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ගසක් කඩා වැටීමෙන් ඊට යට වී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ තවත් කාන්තාවක ද ගසට යට වී තුවාල ලබා ඇති බවයි.
වලව්වත්ත තේ වතුයායේ වතු නිවාසවල පදිංචි මෙම කාන්තාවන් තුන් දෙනා රෝහල් ගත කර ඇති අතර ඉන් අනතුරුවයි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
798 Views
Comments