කොළඹ නගර සීමාවේ කොවිඩ් ආසාදිතයින් 30,000 ඉක්මවා සිටිය හැකියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

කොළඹ නගර සීමාවේ කොවිඩ් ආසාදිතයින් 30,000 ඉක්මවා සිටිය හැකියි

කොළඹ නගර සීමාවේ කොවිඩ් ආසාදිතයින් 30,000 ඉක්මවා සිටිය හැකියි

කොළඹ නගර සීමාවේ කොවිඞ් ආසාදිතයින් තිස්දහස ඉක්මවා සිටිය හැකි බවට පුරෝකථනය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

 

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසුවේ, මෙතෙක් සිදු කර ඇති පී සී ආර් පරීක්ෂණවල ප‍්‍රථිඵල අනුව එම පුරෝකථනය සිදු කර ඇති බවයි.

 

කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ප‍්‍රතිකාර ස`දහා යොමුවීමට මැලිකමක් නොදක්වන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මෙහිදී කියා සිටියා.

 

එමෙන්ම, වෛරසය ආසාදිත පුද්ගලයින් සම්බන්ධයෙන් සෙසු මහජනතාව දක්වන ආකල්ප ද වෙනස් විය යුතු බවයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

 

 

views

521 Views

Comments

arrow-up